Search

ශක්තිමත්ම ආර්ථිකය සහිත ප්‍රාන්තය තවදුරටත් ටස්මේනියා – වික්ටෝරියා 06 වන තැන

ඔස්ට්‍රේලියාවේ ශක්තිමත්ම ආර්ථිකය සහිත ප්‍රාන්තය බවට තවදුරටත් ටස්මේනියා ප්‍රාන්තය තේරී පත්වී තිබෙනවා.

කෙසේවෙතත් වසරේ 02 වන කාර්තුව තුළ වැඩිම වර්ධන වේගයක් පෙන්නුම් කර ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයයි.

ශක්තිමත් රැකියා වෙළඳපොළ ඊට හේතුවී ඇති බව සඳහන්.

අද නිකුත් වූ නවතම වාර්තාවකට අනුව ශක්තිමත්ම ආර්ථිකයන් අතර වික්ටෝරියා ප්‍රාන්තයට හිමිවී ඇත්තේ 06 වන ස්ථානයයි.

සිල්ලර වෙළඳාම් අතින් ACT ප්‍රාන්තයද – ඉදි කිරීම් කර්මාන්තයෙන් වික්ටෝරියා ප්‍රාන්තයද – ජනගහණ වර්ධනය අතින් දකුණු ඔස්ටේ්‍රලියාවද පෙරමුණ ගෙන තිබෙනවා.

සමස්තයක් ලෙස අවසාන ස්ථානය ලැබී ඇත්තේ Northern Territory ප්‍රාන්තයටයි.

Australia’s best performing state economies

  1. Tasmania
  2. NSW
  3. South Australia
  4. Queensland
  5. Western Australia
  6. Victoria
  7. ACT
  8. Northern Territory