
ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වන පතල් හිමි ව්‍යාපාරිකා ගීනා රයින්හාර්ට් ඇයගේ වත්කම් සම්බන්ධ අධිකරණ කටයුත්තකට මැදිවී තිබෙනවා.
ඩොලර් බිලියන ගණනක වත්කමක කොටස් ඉල්ලා මෙම නඩුව පවරා ඇත්තේ ඇයගේ වැඩිමහල් දරුවන් දෙදෙනා සහ ගීනා රයින්හාර්ට්ගේ පියා ගේ හිටපු ව්‍යාපාරික සහකරුවන් පිරිසක් විසිනුයි.
බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩු විභාගය ලබන නොවැම්බර් මාසය පමණ දක්වා පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

1992 වසරේදී පියාගේ මරණින් පසු ඔහුගේ ව්‍යාපාර ගීනා රයින්හාර්ට් වෙත පැවරුණු නමුත් අදාළ කොටස් බෙදාහැරීම නිසි ලෙස සිදුවී නොමැති බවයි මෙම නඩුකරයේ දක්වා ඇත්තේ.
ගීනා රයින්හාර්ට ගේ දළ වත්කම ඩොලර් බිලියන 36 ක් ලෙස තක්සේරු කර තිබෙනවා.
