
වයස්ගත ඔස්ට්‍රේලියානුවන් අතර පවතින ඩිමෙන්ෂියාව වැනි රෝගී තත්වයන් පාලනයට නව පිළියමක් සොයාගෙන තිබෙනවා.
චෙස් වැනි ක්‍රීඩාවල නිරත වීම සහ හරස් පද ප්‍රහේළිකා සම්පූර්ණ කිරීම මගින් සාර්ථක ප්‍රථිඵල අත්කරගෙන ඇති බව සඳහන්.
මෙතෙක් සැළකුණේ චිත්‍ර ඇඳීම – සමාජශීලී වීම වැනි දෑ මගින් ඩිමෙන්ෂියා අවධානම සියයට 07 කින් පමණ අඩුකරගත හැකි බවයි.

වයස අවුරුදු 70 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් 10,000 ක් පමණ සම්බන්ධ කරගනිමින් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.
වයස්ගත ඔස්ට්‍රේලියානුවන්ගේ මරණ සඳහා ප්‍රධානතම සාධකය ලෙස සැළකෙන්නේ ඩිමෙන්ෂියාවයි.

පසුගිය 2022 වසරේදී ලොව පුරා ඩිමෙන්ෂියා රෝගීන් මිලියන 55 ක් පමණ සිටි බව සඳහන්.