ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර තරග බිමට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර තරග බිමට සමුදුන් බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක්  සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

ඔහු සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ශතක 3ක්, ටෙස්ට් අර්ධ ශතක 10ක් මෙන්ම එක්දින ශතක 4ක් සහ එක්දින අර්ධ ශතක 21ක් වාර්තා කළේ ශ්‍රී ලංකාවට හිමිවූ බොහෝ ජයග්‍රහණවලට මග පාදන්නෙක් වෙමිනි.

අද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් තමන් සමුගන්නා බව ලහිරු තිරිමාන්න නිවේදනය කළේය.

ඔහු සිය සමුගැනීමේ සටහන තබමින් සඳහන් කළේ, “ක්‍රීඩකයෙක් විදියට මම මගේ උපරිමය මගේ රට වෙනුවෙන් ලබාදුන්නා.. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා. මම ක්‍රීඩාවට ගරු කළා.. මම මගේ මව්බිම වෙනුවෙන් අවංකව සහ සදාචාරාත්මකව මගේ යුතුකම ඉටුකර තිබෙනවා.”

“මෙම තීරණය ගැනීම මට අපහසු වුණා.. නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම තීරණය ගැනීමට මට බලපෑ බෝහෝ හේතු මෙහි සඳහන් කරන්න බැහැ.” යනුවෙන් ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

2014 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ තිරිමාන්න ප්‍රබල සාමාජිකයෙකි.

ඒ අතර 2014 20යි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනු කණ්ඩායමේද තිරිමාන්න ප්‍රබල සමාජිකයෙකි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »