හඳුනානොගත් රෝගයකින් සිදුවූ වික්ටෝරියා අශ්ව මරණ 13 ට නගී

හඳුනානොගත් රෝගයක් හේතුවෙන් සතියක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ මියගිය අශ්වයන් සංඛ්‍යාව 13 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම සත්වයන්ට පොදු රෝගී තත්වයක් තිබී නොමැති බව සඳහන්.

කිසිදු රෝගයක් නොමැති යහපත් සෞඛ්‍ය තත්වයෙන් යුත් අශ්වයෙකු මරණයට පත්වුවහොත් වහා දැනුම් දෙන්නැයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම සිය අශ්වයන් වෙතින් කිසියම් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමක් සිදුවන්නේ නම් වහා වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

මෝනින්ග්ටන් පෙනින්සියුලා – ගිණිකොන දිග මෙල්බන් සහ නිරිත දිග මෙල්බන් යන ප්‍රදේශවලිනුයි මෙම මරණ අතුරින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ.

වික්ටෝරියා හි තුරග තරග සම්බන්ධ පාලනාධිකාරිය වන Racing Victoria පවසන්නේ කිසිදු තුරග තරග ඉසව් ස්ථානයකට මෙම මරණ හරහා බලපෑමක් නොමැති බවයි.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »