අද මධ්‍යම රාත්‍රියේ සිට​ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අතර දේශ සීමා යලි විවෘත වේ.

 අද මධ්‍යම රාත්‍රියේ සිට​ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අතර දේශ සීමා යලි විවෘත වේ.

There will be free movement between Victoria and NSW from November 23.

අද(22) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් අතර දේශ සීමා යලි විවෘත කෙරේ. ඒ අනුව සඳුදා (23)​ සිට දුම්රිය හා බස් මාර්ගයෙන් නිව් සවුත් වේල්ස් සිට වික්ටෝරියා බලා යාමට ජනතාවට හැකි වේ.

කලාපීය ප්‍රවාහන හා මාර්ග අමාත්‍ය පැවසුවේ සංචාරක සීමාවන් ඉවත් කිරීමත් සමඟ NSW දුම්රිය සම්බන්ධතා සේවා නැවත ආරම්භ කිරීම තුළින් NSW පදිංචිකරුවන්ට සහ අන්තර් ප්‍රාන්ත සංචාරකයින්ට තම සංචාරයන් සැලසුම් සකස් කිරීමට, නිවාඩු දින වෙන්කරවා ගැනීමට සහ පවුලේ සාමාජිකයන් සමඟ නැවත එක්වීමට ඉඩ සැලසෙන බවයි.

අද රාත්‍රී 11:59 සිට වික්ටෝරියා ප්‍රාන්තය​ සිය කොරෝනා නීති සීමාවන් පැනවු මාර්ග සිතියමේ නැවත විවෘත කිරීම සඳහා අවසන් පියවරට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Daniel Andrews අද පෙරවරු 10: 30 ට පුවත්පත් සාකච්ඡාවක් පවත්වනු ඇත.

(ABCNews)

 

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »