Coles හි සබන් ඇතුලු සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදායම පහළට

ජීවන වියදම ඉහළයාමත් සමග සිය පාරිභෝගිකයන් විසින් සබන් ඇතුලු සනීපාරක්ෂක ද්‍රව්‍ය සඳහා වන වියදම් අඩු කිරීමට පියවර ගෙන ඇතැයි කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය පවසනවා.

මෙම වසරේ මැයි මාසයෙන් අවසන්වූ මාස 12 තුළදී සබන් සහ body wash ආදායම සියයට 33.3 කින් අඩුවී ඇති බවයි ඔවුන් සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙන්නේ.

සැනිටයිසර් ආදායම සියයට 29.8 කින් – වැසිකිළි පිරිසිදුකාරක ආදායම සියයට 15 කින් සහ බිම පිරිසිදු කිරීමේ ආදායම සියයට 10 කින් අඩුවී ඇති බවයි කෝල්ස් පවසන්නේ.

ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා වන වියදම් ඉහළයාම හමුවේ අත්‍යවශ්‍ය නොවන දෑ සඳහා වන වියදම් අඩු කිරීමට ඔස්ටේ්‍රලියානුවන් පියවර ගැනීම මීට හේතුවයි.

SOURCE :

https://www.9news.com.au/national/cost-of-living-inflation-leakes-coles-data-essential-item-cut-backs/580a0edf-2610-4b91-aa8c-a919d889bb8d

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »