බටහිර ඔස්ට්‍රේලියා වෙරළ තීරයකට ගොඩ ගසා ඇත්තේ රොකට්ටුවක කොටසක් ?

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙරළ තීරයකට ගොඩ ගසා ඇති හඳුනා නොගත් කොටස වසර 20 කට පමණ ඉහතදී උඩු ගුවනට යවන ලද රොකට්ටුවක කොටසක් විය හැකි බවටද මතයක් ඉදිරිපත් වී තිබෙනවා.

චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා යවන ලද ඉන්දීය රොකට්ටුවක කොටසක් මෙලෙස ගොඩගසා ඇති බවටයි විද්‍යාඥයන් අනාවැකි පළකරන්නේ.

මීට ඉහතදී මත පළවී තිබුණේ මෙය නෞකාවක හෝ ගුවන් යානාවක කොටසක් විය හැකි බවටයි.

පර්ත් නගරයට කිලෝමීටර් 250 ක් පමණ උතුරු දෙසින් පිහිටි ග්‍රීන් හෙඩ් නම් නගරයේ වෙරළ තීරයෙන් හමුවූ මෙම කොටස අද්භූත වස්තුවක් නොවන බව විද්‍යාඥයන් අවධාරණය කර තිබුණා.

මෙය නිශ්චිතව තහවුරු කරගැනීමට ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශ බලධාරීන් මේ වනවිට ඉන්දීය බලධාරීන් සමගද සන්නිවේදන සබඳතා ආරම්භ කර ඇති බව සඳහන්.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »