මෙල්බන් නිවාස 60 ක $ මිලියන 02 ක දේපළ කොල්ලකෑ විදේශීය යුවළක් අල්ලයි

මෙල්බන් නගරයේ නිවාස සහ දේපළ 60 කට වැඩි සංඛ්‍යාවක් මංකොල්ල කෑ විදේශීය යුවළක් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද කිලෝ 80 කට වැඩි බරකින් යුත් ඩොලර් මිලියන 02 ක් පමණ වන ද්‍රව්‍ය හමුවී ඇති අතර මුදල් – ස්වර්ණාභරණ – මිල අධික කාන්තා අත් බෑග සහ ඇඳුම් ඒ අතර වනවා.

2022 මැයි සහ මෙම වසරේ ජූලි අතර කාලයේදී මෙම මංකොල්ලකෑම් සිදුකර ඇති බවයි අනාවරණය වන්නේ.

සැකකාර ලිතුවේනියා ජාතිකයන් අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසියට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසියේද සහය ලැබී තිබුණා.

මේ අතර ඩ්‍රෝන යානයක් යොදා ගනිමින් පෝර්ට් ෆිලිප් බන්ධනාගාරය වෙත මත්ද්‍රව්‍ය යැවීමට උත්සාහ කල පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.

39 හැවිරිදි සහ 31 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ කඩුවක් ඇතුලු විවිධ තහනම් ද්‍රව්‍ය රැසක්ද සමගයි.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »