Just In : 2026 පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් වික්ටෝරියා රජය ඉවතට

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය දැරීමෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය ඉවත් වී තිබෙනවා.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කලේ මුදල් ප්‍රතිපාදන ගැටලුවක් ඊට හේතුවී ඇති බවයි.

එම මුදල් ප්‍රාදේශීය අරමුදලක් වෙත යොමු කරන බවද ඔහු කියාසිටියා.

මේ හරහා ඩොලර් බිලියන 07 කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයා තහවුරු කලේ.

දින 12 ක ක්‍රීඩා තරගාවලියක් සඳහා එම මුදල් වැය කිරීම වෙනුවට ප්‍රාදේශීය කලාප සංවර්ධනයට එම මුදල් යෙදවීම වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අපේක්ෂාව බවයි මෙහිදී සඳහන් කෙරුණේ.

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මාර්තු 17 වනදා සිට 29 වනදා දක්වා ජීලොංග් – බෙන්ඩිගෝ – බලරට් – ගිප්ස්ලන්ඩ් සහ ෂෙපර්ටන් යන නගරවලදී පැවැත්වීමටයි නියමිත වූයේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »