ගතවූ මාස 06 දී ඔස්ට්‍රේලියානුවන් 26,000 ක් ශ්‍රී ලංකාවට

ගතවූ මාස 06 තුළදී ඔස්ට්‍රේලියානුවන් 26,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

එය අර්බුදකාරී වාතාවරණයෙන් පසු සටහන් වූ ඉහළම අගයක් බවයි මෙල්බන් හි කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහ සඳහන් කලේ.

ඔහු මේ බව කියාසිටියේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා ඊයේ පස්වරුවේ මෙල්බන් හි පැවති Visit Sri Lanka විශේෂ වැඩසටහනට එක්වෙමිනුයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දිනෙන් දින පහවයන බැවින් ඉදිරියේදී තවත් විශාල සංචාරකයන් පිරිසක් රටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද කොන්සල් ජනරාල්වරයා අවධාරණය කලා.

මෙම අවස්ථාවට එක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියාසිටියේ මේ වනවිට ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක් ශ්‍රී ලංකාව වෙත නැවත ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි.

තවත් මාස කිහිපයකින් ආරම්භ වන අමෙරිකා – යුරෝපා ශීත සෘතුවේදී ඉහළ සංචාරකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවටද අමාත්‍යවරයා අනාවැකි පළකලා.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය – මෙල්බන් කොන්සල් කාර්යාලය ඇතුලු පාර්ශව කිහිපයක් එක්ව සංවිධාන කල මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට විශාල පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු සංචාරක නියෝජිත ආයතන ඇතුලු ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් ඒ අතර වුණා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »