
උකස් ණය වාරික ගෙවීම සඳහා තනි ඔස්ට්‍රේලියානුවෙකුට සති 04 ක වැටුප් වෙන් කිරීමට සිදුවී ඇතැයි අනාවරණය වනවා.
කැන්ස්ටාර් ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙන්නේ ඩොලර් 585,000 ක පමණ ණයක් ගෙන ඇති වාර්ෂිකව ඩොලර් 72,000 ක වැටුපක් ලබන අයෙකුට මාසිකව ඩොලර් 3,883 ක වාරිකයක් ගෙවීමට මාසිකව පැය 135 ක කාලයක් සේවය කිරීමට සිදුවන බවයි.
එබැවින් බොහෝ පිරිසකට අකමැත්තෙන් වුවද දෙවන රැකියාවක් වෙත යොමුවීමට සිදුවී ඇති බවයි මෙහිදී හෙළිකරගෙන ඇත්තේ.

සහකරුවෙකු හෝ සහකාරියක සිටින්නේ නම් මෙම උකස් ණය බර බෙදී යන බැවින් තරමක සහනයක් ලැබෙන බවටද අනාවරණය වී තිබෙනවා.
උකස් ණය පීඩනය වැඩිම නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ බවද මෙහිදී සඳහන් කෙරුණා.]
