ලොකු වාහනවලට ඔස්ට්‍රේලියානුවන්ගේ කැමැත්ත ඉහළට

ඔස්ට්‍රේලියානුවන් ප්‍රමාණයෙන් විශාල වාහන වෙත දක්වන කැමැත්ත ඉහළගොස් තිබෙනවා.

මීට දශකයකට පමණ පෙර ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රියම වාහනය බවට පත්වී තිබුණේ ටොයොටා කොරොල්ලා මෝටර් රථයයි.

කෙසේවෙතත් මේ වනවිට SUV රථ කෙරෙහි ඇති කැමැත්ත කැපී පෙනෙන ලෙස ඉහළගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පවසන්නේ.

2013 වසරේදී මෙරටදී අලෙවි කරන ලද වාහන අතුරින් SUV වාහන ප්‍රතිශතය සටහන් වී තිබුණේ සියයට 36 ක් ලෙසයි.

කෙසේවෙතත් මේ වනවිට එය සියයට 78 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා.

මෙම වසරේ මුල් මාස 06 තුළදී ඔස්ට්‍රේලියාවේදී අලෙවි කරන ලද වාහන අතුරින් සියයට 55 ක් ම SUV වාහන බවද සඳහන්.

වායු දූෂණය ඉහළයාමටද මෙය ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »