ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ට මව්බිමට මුදල් යැවීම පීඩාවක් බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයන් සිය වාර්ෂික ආදායමෙන් සියයට 11 ක් විදේශයන් හි සිටින තම පවුල් වෙත යවන බව නවතම සමීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා.

සිය පවුල් වලට නොකඩවා විදෙස් මුදල් යැවීම සඳහා ඔවුන්ට අමතර පැය ගණනක් වැඩ කිරීමට සිදු වූ බවයි සංක්‍රමණිකයින්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් හෙවත් සියයට 56 ක් පමණ පවසා ඇත්තේ.

තම මිතුරන්ට හෝ පවුලේ අයට නිතිපතා විදෙස් මුදල් යැවීම සිදු නොකළොත් අධ්‍යාපනය – වෛද්‍ය ප්‍රතිකාර සහ ආහාර ලබා ගැනීමට නොහැකි වනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළකරන්නේ.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයන් 1,500 ක් යොදා මෙම සමීක්ෂණය සිදුකර ඇති බව සඳහන්.

මේ අතුරින් සියයට 92 ක් පසුගිය මාස 12 ඇතුළත ඔවුන්ගේ මව්රටවල සිටින සිය පවුල් වෙත කුමන හෝ මුදලක් යවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මව් රටේ සිටින සිය පවුල් වලට මුදල් යැවීම මේ වනවිට උද්ධමනය ඉහළ යාමත් සමග සංක්‍රමණිකයන්ට පීඩාවක් බවද තහවුරු කරගෙන තිබෙනවා.

CREDIT – SBS

https://www.sbs.com.au/news/article/half-of-migrants-living-in-australia/3ajapja2b

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »