Search

Woking from Home ගැන කොමන්වෙල්ත් බැංකුව සහ වෘත්තිය සමිති අතර මතභේදයක්

නිවසේ සිට රාජකාරි කිරීම නවතා සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙස කොමන්වෙල්ත් බැංකුව විසින් පණවා ඇති නියෝගයකට වෘත්තීය සමිති විරෝධය පළකරනවා.

මෙමගින් සේවකයන් 50,000 ක් පමණ සේවය අතහැර යනු ඇති බවටයි ඔවුන් අනතුරු අගවා සිටින්නේ.

සේවා කාලයෙන් අවම වශයෙන් සියයට 50 ක් හෝ සේවා ස්ථානවලට පැමිණ රාජකාරි සිදුකරන ලෙසයි කොමන්වෙල්ත් බැංකුව විසින් දන්වා ඇත්තේ.

කෙසේවෙතත් වෘත්තිය සමිති අවධාරණය කරන්නෛ් නිවසේ සිට රාජකාරි ඉටු කිරීම හරහා මේ වනවිට කාර්යක්ෂමතාවය මෙන්ම ඵලදායිතාවයද ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර අවශ්‍යතාවය පරිදි රාජ්‍ය සේවකයන්ට ඕනෑම කාලසීමාවක් නිවසෙහි සිට රාජකාරි කල හැකි නව එකගතා ගිවිසුමකට වෘත්තිය සමිති සහ ඔස්ට්‍රේලියානු මහජන සේවා කොමිසම එළැඹී තිබෙනවා.

ඒ අනුව විදුලි සංදේශ – රාජ්‍ය සේවා – ගුවන් සේවා ඇතුලු ක්ෂේත්‍ර රැසක සේවකයන්ට එක් එක් දින ලෙස බෙදා වෙන් කිරීමකින් තොරව නිවසේ සිට රාජකාරි සිදුකල හැකියි.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »