Oxford-AstraZeneca කොරෝනා එන්නත මඟින් වයස්ගත​ වැඩිහිටියන්ට සුභ ආරංචියක්! – AusLanka TV – Australian News for the Sri Lankan community

Oxford-AstraZeneca කොරෝනා එන්නත මඟින් වයස්ගත​ වැඩිහිටියන්ට සුභ ආරංචියක්!

Oxford-AstraZeneca කොරෝනා එන්නත මඟින් වයස්ගත​ වැඩිහිටියන්ට සුභ ආරංචියක්!

Oxford-AstraZeneca කොරෝනා එන්නත මඟින් වයස්ගත​ වැඩිහිටියන්ට සුභ ආරංචියක්!

Oxford-AstraZeneca vaccine shows promise in elderly, trial results by Christmas.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සකස් කරන ලද COVID-19 එන්නත මගින් වැඩිහිටියන් ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වැඩි කරනා බවට සිදුකළ අධ්‍යනය වලින් හෙළිවී ඇති බව වාර්තා වේ.

ඔක්ස්ෆර්ඩ් සරසවිය මේ පිළිබඳව නිවේදනය සිදුකලේ අමෙරිකාවේ Pfizer සමාගම සිය එන්නත මගින් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට සිය එන්නතේ එලදායිතාවය සියයට 94ක අගයක් ගෙන ඇති බවයි.

ඔක්ස්ෆර්ඩ් එන්නත සොයාගැනීම්වලට සම්බන්ධ පර්යේෂකයින්ට අනුව, “ එන්නත පරික්ෂා කිරීම සඳහා ඉදිරිපත්වූ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ පුද්ගලයින්ගේ ප්‍රතිදේහ ටයිටරයන් වයස් කාණ්ඩ තුනේම (18-55, 56-79, සහ 70 +) T සෛල ප්‍රතිචාර දැක්වූ බවයි. දෙවන අදියරේ අත්හදා බැලීම්වලට පුද්ගලයින් 560 දෙනෙකු සහභාගී වූ අතර එහිදී ඔවුන්ට එන්නත් මාත්‍රාවන් දෙකක් හෝ ප්ලේසෙබෝ ලබා දෙන ලදී.

මෙම සායනික පරීක්ෂණ වලදී කිසිදු අහිතකර සෞඛ්‍ය ගැටළුවක් වාර්තා වී නොමැති බවයි ඔක්ස්ෆර්ඩ් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

(ABCNews)

COMMENTS