
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබා ගනිමින් විදේශගත වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වසරේ 150,000 සීමාව ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යපා මහතා සඳහන් කෙළ්, වැඩිම පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
2022 වසර තුළ 311,000කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා යොමු වී ඇත.

මේ වසර තුළ කටාර්, කුවෙට්, සෞදි ආරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් 4ට ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකිකයන් යොමු වීමේ ප්‍රවණතාවක් ඇති බවත් සමාන්‍යාධිකාරිවරයා අවධාරණය කරයි.
සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ, ලක්ෂ තුනක පමණ ශ්‍රමිකයන් පිරිසක් මේ වසරේ දී කාර්යංශයේ ලියාපදිංචි වෙතැයි අපේක්ෂා කරන බව ය.
