Search

ඔස්ට්‍රේලියාවට එන විදෙස් සිසුන් ගැන අලුත්ම වාර්තාවක්

පසුගිය නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර සිසුන් 33,080 ක් උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

එය 2021 වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේදී 32,300 ක ඉහළයාමක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.

කෙසේවෙතත් කොවිඩ් සමය එළැඹීමට පෙර 2019 වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේදී මෙරටට ජාත්‍යන්තර සිසුන් පැමිණීම තවදුරටත් සියයට 13.5 කින් අඩු අගයකයි පවතින්නේ.

නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවට පැමිණීම් 11 ලක්ෂ 89 දහස් 920 ක් සටහන් වන අතර වැඩිම පිරිසක් පැමිණි රටවල් වන්නේ නවසීලන්තය – මහා බ්‍රිතාන්‍යය සහ අමෙරිකාවයි.

රටින් පිටත්වීම් සංඛ්‍යාව 11 ලක්ෂ 77 දහස් 430 ක් ලෙස වාර්තා වන අතර වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ නවසීලන්තය – ඉන්දූනීසියාව සහ අමෙරිකාවටයි.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »