Search

දකුණු ඔස්ට්‍රේලියා පාසල් 08 ක අලුත් AI ඇප්ලිකේෂනයක අත්හදා බැලීමක්

Chat GPT වෙනුවට නිර්මාණය කරන ලද කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් අත්හදා බැලීම සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පොදු උසස් පාසල් 08 ක් තෝරාගෙන ති බෙනවා.

සති 08 ක් පුරා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර අනතුරුව ස්ථිරව එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මෙම ඇප්ලිකේෂනයට මෙතෙක් නමක් තබා නොමැති අතර එම අවස්ථාවද අදාළ පාසල් සිසුන්ටම ලබාදීමටයි නියමිතව ඇත්තේ.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින්ද මේ සඳහා දායකත්වය සපයා තිබීම විශේෂත්වයක්.

Chat GPT වැනි කෘත්‍රීම බුද්ධි මෙවලම් හරහා තොරතුරු ලබාගත හැකි විවිධ වංචා පිළිබඳ දත්ත ලබාගැනීම නව ඇප්ලිකේෂනයෙන් අවහිර කර තිබීම ධනාත්මක ලක්ෂණයක් බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »