සමස්ත ඔස්ට්‍රේලියාව පුරා සියලුම ගුවන් තොටුපළවල ප්‍රමාදයන්

ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ දත්ත පද්ධතියේ දෝෂයක් හේතුවෙන් සමස්ත ඔස්ට්‍රේලියාව පුරා සියලුම ගුවන් තොටුපළවල ගුවන් ගමන්වල ප්‍රමාදයන් හටගෙන තිබෙනවා.

මෙල්බන් ඇතුලු ගුවන් තොටුපළ ගණනාවක මේ වනවිට දිගු පෝලිම් දක්නට ලැබෙන බව සඳහන්.

සියලුම ගුවන් සේවාවල ගුවන් ගමන් සඳහා මෙමගින් බලපෑම් එල්ල වී ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම දෝෂය හමුවේ Check In කටයුතු සඳහා සාමාන්‍ය කාලයට වඩා වැඩි වේලාවක් ගතවන බැවින් ගුවන් ගමනට පෙර අමතර කාලයක් වෙන් කර ගුවන් තොටුපළට පැමිණෙන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.

ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය සඳහන් කරන්නේ හැකි ඉක්මණින් මෙම දෝෂය යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »