ඔස්ට්‍රේලියාවේ වැඩිම නිවාස ප්‍රමාදය මෙල්බන් නගරයේ

ඔස්ට්‍රේලියාවේ නව නිවාස ඉදි කරන්නන් අනපේක්ෂිත ප්‍රමාදයන්ට මුහුණදෙමින් සිටන බව නවතම වාර්තාවක් හෙළි කරනවා.

නව නිවසක් සඳහා ඇණවුමක් භාර දී මේ වනවිට බලා සිටීමට සිදුවන කාලය දින 400 ත් 450 ත් අතර වන බවටයි තක්සේරු කර ඇත්තේ.

කෙසේවෙතත් 2021 වසරේදී තමන් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ දින 260 කින් නිවසක් හිමිකර ගැනීමට බවයි නව නිවාස හිමියන් පෙන්වා දෙන්නේ.

මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මෙල්බන් නගරයේ බවද මෙහිදී සඳහන් කෙරුණා.

ඉදිකිරීම් සේවක හිගය ඇතුලු කරුණු කිහිපයකුයි මීට බලපා ඇත්තේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »