
ළමා අපචාරවලට සම්බන්ධ පුද්ගලයන් බව දැනුවත්ව ඔවුන්ට රැකියා සපයන තැනැත්තන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.
විශේෂයෙන් කුඩා ළමුන් සමග සම්බන්ධවන සේවා සඳහා එවැනි පුද්ගලයන් යෙදවීමේදී තවත් දඩුවම් ඉහළ දැමෙනු ඇති බවද සඳහන්.
අන්තර්ජාලය ඔස්සේ ළමා අපයෝජන සිද්ධියකට සම්බන්ධ චූදිතයෙකු ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක තනතුරකට පත් කිරීමේ සිදුවීමක් මීට මුල් වී තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ යෝජනාව සම්බන්ධයෙන් වෘත්තීය සමිතිද ප්‍රසාදය පළකර තිබෙනවා.
කෙසේවෙතත් මහජන අදහස් විමසීමකින් අනතුරුව අවසාන තීරණයක් ගත යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
