
පොළී අනුපාතික අගයන් හි වෙනසක් සිදු නොවුණද ඔස්ට්‍රේලියානු උකස් ණය හිමියන් අතරින් සියයට 70 ක් පමණ වාරික ආපසු ගෙවීම පිළිබඳ කණස්සල්ලෙන් පසුවන බව අනාවරණය වී තිබෙනවා.
ඉන් සියයට 80 ක් පමණ අවුරුදු 25 ත් 44 ත් අතර පසුවන්නන් බවයි නවතම සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ.
උකස් ණය ගෙන ඇති වයස අවුරුදු 65 ට වැඩි උකස් ණය හිමියන් අතුරින් සියයට 44 ක් පමණ ද පවසා ඇත්තේ වාරික අගය තවමත් ඉහළ අගයක පැවතීම ගැටලු සහගත බවයි.

මෙම මාසයට අදාළව cash rate අගයෙහි වැඩිවීමක් සිදු නොවුණද නිවාස ණය වාරික ගෙවීම පිළිබඳ කණස්සල්ලෙන් පසුවන ඔස්ට්‍රේලියානවන් සංඛ්‍යාව සියයට 08 කින් වැඩිවී ඇති බව සඳහන්.
කෙසේවෙතත් සමස්ත ණය හිමියන් අතුරින් සියයට 73 ක් පමණ කිසිදු මූල්‍ය සහයක් අපේක්ෂා නොකරන බවටද හෙළි කරගෙන තිබෙනවා.
