
කඩා වැටුණු ඉදි කිරීම් සමාගම් සමග කොන්ත්‍රාත් ගතව සිටි වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ලබාදෙන සහන මුදල් ඉහළ නැංවීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එක් වරක් පමණක් ගෙවන ඩොලර් 50,000 ක උපරිමයකට යටත්වන දීමනාවක් බැගින් ඔවුන්ට ගෙවීමටයි නියමිතව ඇත්තේ.
පෝටර් ඩේවිස් ඇතුලු පසුගිය මාස 12 තුළදී බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කල ඉදිකිරීම් සමාගම්වල ගණුදෙනුකරුවන්ට මෙම වරප්‍රසාදය උදාවනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස අපේක්ෂිත හිමියන්ට මෙමගින් කිසියම් හෝ සහනයක් ඇතිවනු ඇති බවයි අගමැති ඩැනියල් ඇන්ඩෲස් අනාවැකි පළකරන්නේ.
ආසන්න වශයෙන් 2,000 කට වැඩි පිරිසකට මෙම සහන මුදල් හිමිවනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.
