ප්‍රාන්ත කිහිපයකට අද ධාරාණිපාත වැසි – ගුවන් ගමන්වලටත් බාධා

ප්‍රාන්ත කිහිපයකට අද දිනයේදී ධාරාණිපාත වැසි තත්වයන් අපේක්ෂා කෙරෙන බව කාළගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළකරනවා.

බටහිර ඔස්ට්‍රේලියා – Northern Territory සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලට එහි වැඩිම බලපෑම පවතින බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙල්බන් – සිඩ්නි – කැන්බරා සහ හෝබාට් නගරවලටත් උෂ්ණත්වයේ අඩුවීමක් සහ සුළං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කල හැකියි.

මේ අතර දැඩි සුළං තත්වය හමුවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අද දිනයේදීත් ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙනවා.

අද පෙරවරුවේ නියමිතව තිබූ ගුවන් ගමන් අතුරින් සියයට 05 කට පමණ එම බලපෑම එල්ල වී පැවති බව සඳහන්.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »