
වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන් විසින් ගෙවීමට පවතින ඉහළම රථවාහන දඩ මුදල් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කර තිබෙනවා.
දැනට ගෙවීමට පවතින ඉහළම දඩ මුදලෙහි වටිනාකම ඩොලර් 720,000 කට අධිකයි.
දෙවන ස්ථානයට ගෙවීමට පවතින ඉහළම දඩය ඩොලර් 615,000 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

පළමු ස්ථාන 05 හි සිටින පුද්ගලයන් 05 දෙනා විසින් ගෙවීමට නියමිත දඩ මුදල්වල එකතුව ඩොලර් මිලියන 2.5 කට ආසන්න බවයි පැවසෙන්නේ.
පසුගිය වසරේදී වරෙන්තු 50,000 කදී අයකරගෙන තිබු මුලු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 8.2 කට ආසන්නයි.
