අයවැය අතිරික්තය 05 ගුණයකින් ඉහළට

ඕස්ට්‍රේලියාවේ අයවැය අතිරික්තය ඩොලර් බිලියන 19 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

පසුගිය අයවැය කථාව ඉදිරිපත් කරමින් ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාම්ර්ස් සඳහන් කලේ මැයි මාසය අග වනවිට ඩොලර් බිලියන 4.2 ක අයවැය අතිරික්තයක් පවතිනු ඇති බවයි.

කෙසේවෙතත් මේ වනවිට එය අපේක්ෂා කල මට්ටමට වඩා 05 ගුණයක පමණ වැඩිවීමක් පෙන්නුම් කර ඇති බවයි අගමැති ඇල්බනීස් අනාවරණය කරන්නේ.

ඕස්ට්‍රේලියා ඉතිහාසයේ ඉහළම අයවැය අතිරික්තය වාර්තා වී තිබුණේ 2007-2008 වකවානුවේදී ඩොලර් බිලියන 19.8 ක් ලෙසයි.

වසරකට පෙර ආදායමට වඩා වියදම ඉහළගොස් අයවැය හිගයක්ව තිබූ ආර්ථිකයක් මේ වනවිට අයවැය අතිරික්තයක් දක්වා වර්ධනය කිරීමට හැකිවීම ලේබර් පක්ෂ රජයේ ආර්ථික වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය පෙන්නුම් කෙරෙන්නක් බවයි අගමැතිවරයා අවධාරණය කරන්නේ.

අපහසුතා මධ්‍යයේ වුවද ජනතාවට සහන දීමේ වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යන බවටත් ඔහු සහතික වනවා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »