සේවකයෙකුගේ මරණයක් නිසා සිඩ්නි Woolworths අලෙවිසැල්වල භාණ්ඩ හිගයක්

සිඩ්නි නගරයේ සිය අලෙවිසැල් කිහිපයක පවතින භාණ්ඩ හිගයට හේතුව එක් බෙදාහැරීම් මධ්‍යස්ථානයක රාජකාරි අතරතුර සේවකයෙකු මියායාමේ සිදුවීම බව Woolworths සුපිරි වෙළඳසැල් ජාලය පවසනවා.

අදාළ බෙදාහැරීම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු මේ දක්වා පූර්ණව වශයෙන් යථා තත්වයට පත්වී නොමැති බවයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

සිඩ්නි නගරයේ Woolworths ගබඩාවක පසුගිය අගහරුවාදා සිදුවු හදිසි අනතුරකින් 37 හැවිරිදි අයෙකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

ගොඩගසා තිබූ පැලට් තොගයක් ඔවුන් මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවූ බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මෙම බෙදාහැරීම් මධ්‍යස්ථානයෙන් බෙදා හැරීම් සිදු කෙරෙන එළවලු සහ පළතුරු වල හිගයක් මේ අනුව උද්ගතවී ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම තත්වය හැකි ඉක්මණින් යථා තත්වයට පත් කරන බවටද Woolworths සුපිරි වෙළඳසැල් ජාලය සහතික වනවා.

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »