
පළමුවරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් වෙනුවෙන් (first home buy) ලබාදෙන මුද්දර ගාස්තු සහනය ඉහළ නැංවීමේ යෝජනාව නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ අද සිට බලාත්මක වනවා.
ඒ අනුව මෙතෙක් ඩොලර් 650,000 ක උපරිම වටිනාකමක් සහිත නිවසක් සඳහා පැවති මුද්දර ගාස්තු අය නොකිරීම ඩොලර් 800,000 ක වටිනාකමක් දක්වා ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම මෙතෙක් ඩොලර් ලක්ෂ 08 ක උපරිම වටිනාකමක් සහිත නිවාස සඳහා පැවති මුද්දර ගාස්තු සහනය ඩොලර් මිලියනය දක්වා වැඩි කර තිබීම විශේෂත්වයක්.

මෙම අවස්ථා 02 ම සඳහා පළමු වරට නිවසක් මිළදී ගන්නන් 13,000 කට පමණ අදාළ වරප්‍රසාදය හිමිවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.
ඔවුන්ට අවම වශයෙන් ඩොලර් 31,090 ක සහනයක් හිමිවනු ඇති බවද සඳහන්.

Property price | Previous stamp duty | New stamp duty | Savings |
$700,000 | $10,363 | $0 | $10,363 |
$750,000 | $20,727 | $0 | $20,727 |
$800,000 | $31,090 | $0 | $31,090 |
$850,000 | $33,340 | $10,023 | $23,318 |
$900,000 | $35,590 | $20,045 | $15,545 |
$950,000 | $37,840 | $30,068 | $7773 |
$990,000 | $39,640 | $38,086 | $1555 |