මෙල්බන් – සිඩ්නි – බ්‍රිස්බන් ගුවන් ගමන්වල දැඩි ප්‍රමාදයක්

මෙල්බන් – සිඩ්නි සහ බ්‍රිස්බන් ගුවන් තොටුපළවල ගුවන් ගමන් සැළකිය යුතු සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කිරීම්වලට ලක්වී තිබෙනවා.

ඇතැම් ගුවන් මගීන්ට ලබන අගහරුවාදා වන තෙක් රැඳී සිටීමට සිදුවනු ඇති බවටයි දැනුම්දී ඇත්තේ.

දැඩි සුළං තත්වය – ගුවන් ගමන් පාලකවරුන්ගේ හිගය ඇතුලු කරුණු කිහිපයක් මීට බලපා ඇති බවටයි අනාවරණය වන්නේ.

මේ අතර නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල පාසල් නිවාඩු සමය එළැඹීමත් සමග සංචාර සඳහා පිටත්වයාමට සූදානමින් සිටි විශාල පිරිසකට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

වැඩිම ගුවන් වාර සංඛ්‍යාවක් අවලංගු කර ඇත්තේ වර්ජින් සහ ක්වන්ටාස් ගුවන් සේවාවල ගුවන් වාර බවද සඳහන්.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »