Search

චීන සංචාරයට $ 82,000 ක් වියදම් කලැයි වික්ටෝරියා අගමැතිට චෝදනා

සිය චීන නිල සංචාරය සඳහා ඩොලර් 80,000 කට වැඩි මුදලක් වියදම් කර ඇති බවට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් ට චෝදනා එල්ල වනවා.

අද අනාවරණය කෙරුණු ඔහුගේ සංචාරක වියදම් වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය මාර්තු මාසයේ සිදුකල අදාළ සංචාරයට ඩොලර් 82,714 ක මුදලක් වැය කර ඇති බවයි.

ඔහුට සහ තවත් නිළධාරීන් දෙදෙනෙකුට චීනයට ගොස් නැවත පැමිණිමට ගුවන් ගාස්තු ලෙස ඩොලර් 61,813 ක මුදලක් එහිදී වියදම් වී තිබෙනවා.

නවාතැන් පහසුකම් වෙනුවෙන් ඩොලර් 14,933 ක් මෙන්ම වෙනත් වියදම් ලෙස ඩොලර් 5,968 ක් වැයවී ඇති බවයි එහි දැක්වෙන්නේ.

කෙසේවෙතත් දින 04 ක සංචාරයක් සඳහා මෙතරම් මුදලක් වැය කිරීම ගැටලු සහගත බවටයි චෝදනා එල්ල වන්නේ.

එහෙත් ප්‍රාන්ත අගමැතිවරයා අවධාරණය කරන්නේ සිය චීන නිල සංචාරයෙන් වික්ටෝරියා ප්‍රාන්තයට ආර්ථික වාසි රැසක් අත්කර ගැනීමට හැකිවූ බවයි.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »