Search

මෙල්බන් ඉන්න ලාංකික බර ඉසිලීමේ ශූරයාට තවත් රන් පදක්කමක්

පසුගියදා සිඩ්නි නුවර පැවති All Australian Masters Weightlifting බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට මෙල්බන් නුවර වාසය කරන ශ්‍රී ලාංකික බර ඉසිලීමේ ශූරයෙකු වන පූර්ණ කාහිංගල සමත්වී තිබෙනවා.

ඒ අනුව Snatch ක්‍රමයට කිලෝ 87 ක් සහ Clean & Jerk ක්‍රමයට කිලෝ 117 ක බරක් ඔසවමින් ඔහු මෙම දක්ෂතාව දැක්වීමට සමත්වුණා.

එය නව වික්ටෝරියානු වාර්තාවක් වීමද විශේෂත්වයක්.

පසුගිය මාර්තු මාසයේ පැවති World Masters ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමටද පූර්ණ කාහිංගල සමත්වී තිබුණා.

බර ඉසිලීමේ ලෝක ශූරතා – ආසියානු ශූරතා – කලාපීය තරගාවලි ඇතුලු ශූරතා 17 කට වැඩි සංඛ්‍යාවත් නියෝජනය කර ඇති පූර්ණ කාහිංගල, වසර 20 කට වැඩි කාලයක් පුහුණුකරුවෙකු සහ විනිසුරුවරයෙකුද ලෙස කටයුතු කර තිබෙනවා.

අවස්ථා 05 කදී ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ජාතික ශූරයා ලෙසද ඔහු වාර්තා අතරට එක්ව සිටියා.

 

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »