Search

ක්වන්ටාස් ආසියානු ගමනාන්ත වෙත සිදුකරන ගුවන් වාර වැඩි කරයි

ආසියානු මහද්වීපයේ ගමනාන්ත වෙත සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජපානයේ ටෝකියෝ – සිංගප්පූරුව – ඉන්දියාවේ නවදිල්ලි යන නගර මෙන්ම නවසීලන්තය සහ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය දක්වා සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉදිරි මාස 12 තුළදී ඉහළ දැමීමට නියමිතයි.

ලබන ඔක්තෝබර් මාසය අවසානයේ සිට නව ගුවන් ගමන් කාලසටහන් ආරම්භ කිරීමටයි ක්වන්ටාස් ගුවන් සේවය පියවර ගෙන ඇත්තේ.

සිඩ්නි සිට චීනයේ ෂැංහයි දක්වා වන ගුවන් ගමන් වසර 03 කට පසු නැවත ආරම්භ කිරීමටද ක්වන්ටාස් ගුවන් සේවය කටයුතු යොදා තිබෙනවා.

මේ අතර ෆින්ලන්තයේ ජාතික ගුවන් සේවය වන ෆින් එයාර් සමග ක්වන්ටාස් සමාගම අත්සන් තබා ඇති ගිවිසුමකට ක්වන්ටාස් ගුවන් නියමුවන් විරෝධය පළකරනවා.

එය ක්වන්ටාස් සමාගමට අවාසිදායක බවටයි ඔවුන් චෝදනා කර සිටින්නේ.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »