
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙතෙක් ලබාගෙන නොමැති නිවාස කුළී තැන්පත් (bond) මුදල් වහා ලබාගැනීමට කටයුතු කරන්නැයි ප්‍රාන්ත රජය දන්වා සිටිනවා.
47,000 කට ආසන්න පිරිසක් ඩොලර් මිලියන 14 කට ආසන්න මුදලක් මෙතෙක් ලබාගෙන නොමැතිව ඉතිරිව පවතින බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
ඉන් පැරණිම තැන්පතුව 1990 වසරේ ජනවාරි 30 වනදා තබන ලද ඩොලර් 133.57 ක මුදලක් බවද සඳහන්.

මෙලෙස ලබා ගැනීමට ඇති තැන්පතු මුදල්වල සාමාන්‍ය මුදල ලෙස ඩොලර් 307 ත් තක්සේරු කර ඇති අතර සියයට 42 කට ආසන්න තැන්පතු ප්‍රමාණයක් ඩොලර් 100 ඊට වඩා අඩු මුදල් බවයි පැවසෙන්නේ.
මෙතෙක් ලබාගෙන නොමැති ඉහළම නිවාස කුළී තැන්පතුව ඩොලර් 10,700 ක් බව අනාවරණ වී තිබෙනවා.
