වනිඳුගෙන් නව එක්දින ක්‍රිකට් වාර්තාවක්

wanindu

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නව එක්දින ක්‍රිකට් වාර්තාවක් බිහි කර තිබෙනවා.

ඒ, පිට පිට එක්දින ක්‍රිකට් තරඟ 2කදී කඩුලු 5 බැඟින් දවා ගත් පළමු පා ඳග පන්දු යවන්නා බවට පත් වෙමින්.

1983 වසරේ අසන්තද මෙල් ගෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් දැක්වූ පළමු පන්දු යවන්නා වන්නේද වනිඳු හසරංගයි.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟයේදී වනිදු හසරංග එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ලකුණු 24කට කඩුලු 6ක් බිඳ හෙලුවා.

ඕමානය සමඟ ඊයේ පැවති තරඟයේදී ඔහු ලකුණු 13කට කඩුලු 5ක් බිඳ හෙළමින් මෙම වාර්තාව බිහි කළා.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ප්‍රසාද ළකුණු සටහනේ පෙරමුණටද මේ වනවිට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »