මෙල්බන් ට්‍රෑම් ආශ්‍රිත පොලිස් නිළධාරීන් ඉහළ නංවන්නැයි ඉල්ලීමක්

මෙල්බන් ට්‍රෑම් මාර්ග ආශ්‍රිත පොලිස් නිළධාරීන් සංඛ්‍යාව ඉහළ නංවන්නැයි වික්ටෝරියා ප්‍රවාහන සංගමය ඉල්ලීමක් කරනවා.

තියුණු ආයුධයක් සහිතව ට්‍රෑම් රථයකට ගොඩවූ පුද්ගලයෙකු ඊයේ මෙල්බන් නගර මධ්‍යයෛ්දී කළහකාරීව හැසිරීම ඊට ආසන්නතම හේතුව ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.

57 හැවිරිදි අදාළ සැකකරුට එරෙහිව මේ වනවිටත් චෝදනා කිහිපයක් යටතේ නඩු පැවරීමටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කටයුතු යොදා ඇත්තේ.

මොහු ට්‍රෑම් රථයට කඩා වැදී ඇත්තේ වෙළඳසැලක් කොල්ලකෑමෙන් පසුව බවටද අනාවරණය වී තිබෙනවා.

මෙම තැනැත්තා පාලනය කර ගැනීමට විද්‍යුත් අවි ප්‍රහාරයක්ද එල්ල කිරීමටයි වික්ටෝරියා පොලිස් නිළධාරීන්ට සිදුවී තිබුණේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »