සූදූ ක්‍රීඩා කිරීමේදී ටස්මේනියාව තුළ නව නීති

සූදූ ක්‍රීඩා කිරීමේදී නව නීති මාලාවක් පැණවීමට ටස්මේනියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව Pokies ක්‍රීඩා කරන අයෙකුව වසරකදී වියදම් කල හැකි උපරිම මුදල ඩොලර් 5000 කට සීමා වනු ඇති.

එමෙන්ම දිනකට පරාජය විය හැකි උපරිම මුදල ඩොලර් 100 ක් වන අතර මාසයකට නම් එය ඩොලර් 500 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දැනට ඔස්ට්‍රේලියාව තුළ පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් Pokies ක්‍රීඩාවට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින බව සඳහන්.

ඔස්ට්‍රේලියාව තුළදී සූදූ ක්‍රීඩාවලට අදාලව මෙවැනි දැඩි රෙගුලාසි මාලාවක් පණවන ලද පළමු ප්‍රාන්තය වන්නේද ටස්මේනියාව වන අතර අනෙකුත් ප්‍රාන්තද එය අනුගමනය කරනු ඇති බවට අනාවැකි පළවනවා.

ඔස්ට්‍රේලියාවේ පළමු කැසිනෝ මධ්‍යස්ථානය 1973 වසරේදී විවෘත කරනු ලැබුවේද ටස්මේනියා ප්‍රාන්තයේ අගනුවර වන හෝබාර්ට් නගරයේදීයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »