මෙල්බන් CBD ට්‍රෑම් රථයක තියුණු ආයුධයක් සහිතව කළහකාරීව හැසිරුණු අයෙකු අත්අඩංගුවට

මෙල්බන් CBD හි ට්‍රෑම් රථයකදී තියුණු ආයුධයක්ද සහිතව කළහකාරීව හැසිරුණු පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු යටත් කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

57 හැවිරිදි සැකකරු පාලනය කර ගැනීමට විද්‍යුත් අවියක් (taser) පවා යොදාගැනීමට සිදුූ වී තිබෙනවා.

මෙම තැනැත්තා විසින් ට්‍රෑම් රථයේ රියදුරු සහ මගීන්ට හානිවන ආකාරයෙන් හැසිරීමත් සමගයි වහා පොලිස් නිළධාරීන් දැනුවත් කර ඇත්තේ.

මෙහිදී එක් කාන්තාවක පමණක් සුලු තුවාල ලබා ඇති අතර සැකකරු මෙල්බන් අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »