ලිංගික චෝදනා එල්ල වූ සෙනෙට් සභිකයා ලිබරල් පක්ෂයෙන් අස්වෙයි

ලිංගික අතවර චෝදනා එල්ල වී ඇති සෙනෙට් සභික ඩේවිඩ් වෑන් ලිබරල් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

කෙසේවෙතත් තමා තවදුරටත් සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කරන බවයි ඔහු දන්වා ඇත්තේ.

එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා සඳහා තමන් නිවැරදිකරු යන ස්ථාවරයේ තවදුරටත් පසුවන බවද සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි ඔහු දක්වා තිබෙනවා.

කෙසේවෙතත් කරුණු විමසා බැලීමකින් තොරව තමන් මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කිරීමට විපක්ෂ නායක පීටර් ඩට්න් කටයුතු කිරීම කණගාටුදායක බවයි සෙනෙට් සභික ඩේවිඩ් වෑන් අවධාරණය කරන්නේ.

ස්වාධීන මන්ත්‍රීනි ලිඩියා තෝර්ප් – හිටපු මන්ත්‍රීනී ඇමැන්ඩා ස්ටෝකර් සහ තවත් කාන්තාවක විසිනුයි සෙනෙට් සභික ඩේවිඩ් වෑන් ට එරෙහිව මෙම චෝදනා එල්ල කරනු ලැබුවේ.