දින 04 ක වැඩ කරන සතියෙන් ඉහළම ප්‍රථිඵල

දින 04 ක වැඩ කරන සතිය අත්හදා බලන ඔස්ට්‍රේලියානු සමාගම් අපේක්ෂිත ප්‍රථිඵල අත්කරගෙන ඇති බව තහවුරු වී තිබෙනවා.

එම වැඩපිළිවෙල ස්ථිරවම ක්‍රියාත්මක කරන සමාගම් 04 ක් සහ අත්හදා බලන සමාගම් 06 ක් ආශ්‍රිතව ලබාගත් තොරතුරු මත පදනම්වයි එම දත්ත ප්‍රකාශයට පත් කර ඇත්තේ.

කලින් රාජකාරි සිදුකල පැය ගණනෙන් සියයට 80 ක් පමණක් රැකියා කර වැටුප නොවෙනස්ව ලබාදීම මෙහිදී සිදුවනවා.

සේවකයන්ගෙන් සියයට 92 ක් පමණ ඊට ප්‍රසාදය පළකර ඇති බවයි නවතම සමීක්ෂණයක දැක්වෙන්නේ.

එමෙන්ම සමීක්ෂණයට දායක වූ සමාගම් 10 අතුරින් 07 ක ඵලදායිතාවය ඉහළගොස් ඇති අතර ඉතිරි 03 හි ඵලදායිතාවය නොවෙනස්ව පැවතීමද විශේෂත්වයක්.

තොරතුරු සහ සන්නිවේදන අංශයට සම්බන්ධ සමාගම් රැසක් මෙම වැඩ කරන දින 04 සතියට නැඹුරුවීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බවයි අනාවරණය වන්නේ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »