
ලිංගික අතවර චෝදනා එල්ල වී ඇති සෙනෙට් සභික ඩේවිඩ් වෑන් ගේ ලිබරල් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් අවසාන තීරණයක් අද දිනයේදී ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ ලිබරල් පක්ෂ වික්ටෝරියා ප්‍රාන්ත ශාඛාව විසින් අද දිනයේදී කැඳවා ඇති හදිසි රැස්වීමේදීයි.
ඔහු විසින් ලිංගික අතවර සිදුකල බවට වත්මන් සහ හිටපු ෆෙඩරල් මන්ත්‍රීවරියන් දෙදෙනෙකු සහ තවත් කාන්තාවක පැය 48 ක් තුළ එල්ලකල චෝදනා මීට හේතුවී තිබෙනවා.

මෙම චෝදනා සැළකිල්ලට ගෙන විපක්ෂ නායක පීටර් ඩට්න් අවධාරණය කලේ මන්ත්‍රී ධුරයෙන් වහා ඉවත්වීමට ඩේවිඩ් වෑන් පියවර ගත යුතු බවයි.
ඒ අනුවයි ඔහුගේ ලිබරල් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම හෝ නොකිරීම පිළිබඳ තීරණය කිරීමට ලිබරල් පක්ෂ වික්ටෝරියා ප්‍රාන්ත ශාඛාව විසින් අද දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇත්තේ.
