වයෝවෘද්ධ ඔස්ට්‍රේලියානුවන් අතර සිය දිවි නසා ගැනීම් ඉහළට

වයෝවෘද්ධ ඔස්ට්‍රේලියානුවන් අතර සිය දිවි නසා ගැනීම් ප්‍රතිශතය ජාතික මට්ටමට වඩා 03 ගුණයකින් ඉහළ බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මානසික ආබාධ මෙන්ම සුව කල නොහැකි ඇතැම් රෝග මීට මූලික හේතුව බවයි පැවසෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් 2021 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී අවුරුදු 65 ට වැඩි පිරිස් අතර සිය දිවි නසා ගැනීම් සියයට 32 කින් ඉහළ ගොස් තිබෙනවා.

වයස අවුරුදු 85 ට වැඩි පිරිසෙහි එම ඉහළයාම පවතින්නේ සියයට 09 ක වර්ධනයක් ලෙසයි.

විශ්‍රාමික රණවිරුවන් මෙන්ම වයෝවෘද්ධ කාන්තාවන් ඒ සඳහා යොමුවීමේ කැපී පෙනෙන වර්ධනයක්ද පෙන්නුම් කෙරෙන බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

If you or anyone you know needs help:

මෙල්බන් පදිංචිකරුවෙක් පයට දාන පාවහන් වෙනස් ජාවාරමකට යොදාගත් හැටි

පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ගෝලීය ඉල්ලීම් නොතකා ගෑස් භාවිතය ගැන රජයෙන් තීරණයක්

ෆොසිල ඉන්ධන භාවිතය ඉවත් කරන ලෙසට ඉදිරිපත් වන ගෝලීය ඉල්ලීම් නොතකා 2050 වන විට ගෑස් නිස්සාරණය සහ භාවිතය වේගවත් කරන බව රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

පලස්තීනයේ ඉල්ලීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ඡන්දය ලබාදෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීන රාජ්‍යයට නව අයිතීන් ලබා දීමට සහ සාමාජිකත්වය ස්ථිර කිරීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී ඔස්ට්‍රේලියාව පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

Read More »

ෆෙඩරල් රජයේ අයවැය ගැන අලුත් බලාපොරොත්තුවක්

ෆෙඩරල් රජය ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් නව නිවාස ඉදිකිරීම සඳහා අතිරේක ආයෝජනයක් ලෙස ඩොලර් බිලියන ගණනක් ලබා දෙනු ඇති බවට වාර්තා වනවා.

Read More »