බටහිර ඔස්ට්‍රේලියාවේ Flu ආසාධිතයන් සතියකදී 74% කින් ඉහළට

බටහිර ඔස්ට්‍රේලියාවේ Flu ආසාධිතයන් සංඛ්‍යාව සතියක් තුළදී සියයට 74 කින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතිය තුළදී පමණක් එවැනි ආසාධිතයන් 1,346 දෙනෙකු බටහිර ඔස්ට්‍රේලියාවේ රෝහල්වලින් වාර්තා වී තිබුණා.

ඉන් බහුතරය කුඩා ළමුන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම වසර තුළදී බටහිර ඔස්ට්‍රේලියාවෙන් එක් සතියකදී මෙතරම් ඉහළ ආසාධිතයන් ගණනක් සටහන්වූ පළමු අවස්ථාවද මෙයයි.

බටහිර ඔස්ට්‍රේලියාවේ එන්නත්කරණය නොමිළයේ ක්‍රියාත්මක වන අතර සුදුසුකම් සහිත ඕනෑම අයෙකුට ඒවා ලබාගත හැකි වනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »