වික්ටෝරියා පොලිසියෙන් රියදුරන්ට සිහිකැඳවීමක්

දීර්ඝ සති අන්තයේදී ආරක්ෂාකාරීව රිය පදවන්නැයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය ප්‍රාන්තවාසීන්ට දැනුම් දෙනවා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වික්ටෝරියා මාර්ගවල සිදුවූ රිය අනතුරු හමුවේ මියගොස් ඇති සංඛ්‍යාව 142 ක්.

එය පසුගිය වසරේ අදාළ කාලසීමාව හා සැසඳීමේදී මරණ ගණන සියයට 35 ක පමණ ඉහළයාමක් ලෙසයි සටහන් වන්නේ.

එමෙන්ම වසරේ මුල් මාස 05 තුළදී මෙවැනි ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ 2007 වසරට පසුව වීමද විශේෂත්වයක්.

රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතයෙන් වළකින ලෙසද ආසන පටි නිසියාකාරව පළදින්නැයිද වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය රියදුරන්ට දන්වා සිටිනවා.