ඔස්ට්‍රේලියානු පළතුරු යළිත් චීනයට

ඔස්ට්‍රේලියානු පළතුරු ආනයනය අත්හිටුවමින් පණවා තිබූ නියමය ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

වසර 02 කට ආසන්න කාලයක් පැවති එම නියමයන් ඉවත්වීමත් සමග මෙරට පළතුරු නිෂ්පාදකයන්ට විශාල සහනයක් අත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ අනුව අඹ – දොඩම් – චෙරි වර්ග ඇතුලු පළතුරු වර්ග රැසක් යළිත් චීනයට අපනයනය කිරීමට ඔස්ට්‍රේලියානු නිෂ්පාදකයන්ට අවස්ථාව පවතිනවා.

කොවිඩ් වෛරසයේ මූලාරම්භය සෙවීමේ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඔස්ට්‍රේලියාව විසින් අදහස් දැක්වීමත් සමග චීනය සමග වන සබඳතා පලුදුවීමකට ලක්වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත පළතුරු – ගව මස් – වයින් – බාර්ලි – මුහුදු ආහාර ඇතුලු වර්ග රැසකට චීනය විසින් ආනයන තහනමක් පණවනු ලැබුවේ 2020 වසරේ දීයි.

චීන වෙළඳපොළ අහිමිවීම හමුවේ ඔස්ට්‍රේලියානු නිෂ්පාදන සඳහා වසරකට අහිමිවු ආදායම ඩොලර් බිලියන 20 කට අධික බවටයි ගණන් බලා ඇත්තේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »