සේවා මුර ගැටලුවලදී ඔස්ට්‍රේලියානු සේවකයන්ට දැන් වැඩි සාධාරණයක්

එකග නොවන සේවා මුර සඳහා බලහත්කාරයෙන් අනුයුක්ත කෙරෙන සේවකයන්ට සිය සේවායෝජකයන් බේරුම්කරණ මණ්ඩලයක් ඉදිරියට ගෙනයාමට ඔස්ට්‍රේලියාව තුළදී දැන් අවස්ථාව පවතිනවා.

ඒ පසුගිය වසරේදී ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබූ නව සේවා ස්ථාන නීති ඊයේ සිට බලාත්මකවීමත් සමගයි.

කිසියම් සේවා මුරයක් සඳහා තමන් අනුයුක්ත නොකරන්නැයි ඉල්ලා සිටියද සේවා යෝජකයන් එම ඉල්ලීම පිළිනොගතහොත් සේවකයන්ට එය පැමිණිලි කිරීමට මෙතෙක් ක්‍රමයක් පැවතුණේ නැහැ.

කෙසේවෙතත් ඊයේ දින සිට බලාත්මක නව නීති අනුව එවැනි ඉල්ලීමක් ලදහොත් දින 21 ක් තුළ ඊට අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳ අවසන් තීරණයක් සේවා යෝජකයන් විසින් ලබාදිය යුතු වනවා.

සේවකයා ඊට එකග නොවන්නේ නම් දෙපාර්ශවය බේරුම්කරණ මණ්ඩලයක් හමුවට ගෙනයාමට ද එහිදී අවස්ථාව පවතිනවා.

එහිදීද එකගතාවයකට පැමිණීමට නොහැකිවුවහොත් fair work කොමිසම දක්වා ගැටලුව ගෙන යා හැකියි.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »