Search

මොරිසන් සමයේ සෞඛ්‍ය ව්‍යාපෘති රැසක මුදල් අවභාවිතයන්

පැවති ස්කොට් මොරිසන් පාලන සමයේදී සෞඛ්‍ය සහ රෝහල් අංශ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම සම්බන්ධ විගණන වාර්තාවක් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

2019 වසරේ පැවති මැතිවරණයට පෙර ආරම්භ කල ඩොලර් බිලියන 02 ක වටිනාකමින් යුත් අරමුදල අකාර්යක්ෂම අයුරින් ක්‍රියාත්මක වී ඇති බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

ෆෙඩරල් රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊට සෘජුව වගකිව යුතු බවටයි මෙම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇත්තේ.

අදාළ මුදල් යොදවා ක්‍රියාත්මක කර ඇති බොහෝ ව්‍යාපෘති නියමිත රෙගුලාසිවලින් බැහැරව ආරම්භ කර ඇති බවද ඔස්ටේ්‍රලියානු ජාතික විගණන කාර්යාලය සිය වාර්තාවෙහි දක්වා තිබෙනවා.

මේ අතර මොරිසන් රජය සමයේ ක්‍රියාත්මක කල සියලු සෞඛ්‍ය ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් අදාළ අංශ වෙත උපදෙස් දී ඇත්තේ.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »