ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම සංචාරකයින් රැගෙන එන බඩු ගැන සැලකිලිමත් විය යුතුයි. නැත්තම් දඩ​!

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම සංචාරකයින් රැගෙන එන බඩු ගැන සැලකිලිමත් විය යුතුයි. නැත්තම් දඩ​!

New penalties for travellers who don’t declare high-risk biosecurity goods.

2021 ජනවාරි 1 වන දින සිට ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර ගුවන් හා මුහුදු වරායන් වෙත පැමිණෙන දැඩි අවදානම් සහිත ජෛව ආරක්ෂණ භාණ්ඩ (කෑන් නොකරන ලද මස්/මාළු වර්ග සහ සජීවී ශාක කොටස්) ප්‍රකාශ නොකරන සංචාරකයින්ට නිලධාරීන් විසින් ඩොලර් 2664 දක්වා දඩ මුදල් නියම කිරීමට​ අදාල නිවේදනයක් නිකුත් කොට ඇත​.

කෘෂිකර්ම, නියඟ හා හදිසි කළමනාකරණ අමාත්‍ය David Littleproud පැවසුවේ 2020 ජෛව ආරක්ෂණ සංශෝධනය (සංචාරක ප්‍රකාශන සහ වෙනත් මිනුම්) පනත් කෙටුම්පත ඕස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම පිළිබඳව බවයි.

“ඕස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍යය, පරිසරය සහ අපගේ කෘෂිකාර්මික කර්මාන්තවල තරඟකාරිත්වයට සහාය වීම සඳහා අපගේ ජෛව ආරක්ෂණ පද්ධතිය ඉතා වැදගත්”

“ඕස්ට්‍රේලියාව ලෝකයේ හොඳම කෘෂිකාර්මික නිෂ්පාදන නිපදවන නමුත් අපේ රටට හා ජීවන රටාවට තර්ජනයක් වන පළිබෝධ සහ රෝග ගණනාවකින් ඕස්ට්‍රේලියාව ආරක්ෂා කිරීමට අප සුපරීක්ෂාකාරී විය යුතුයි.” යැයි අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

https://minister.homeaffairs.gov.au/alantudge/Pages/new-penalties-for-travellers-who-don%E2%80%99t-declare-high-risk-biosecurity-goods.aspx

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »