කොකේන් කිලෝ 800 ක් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයට

බටහිර ඔස්ට්‍රේලියාව දක්වා රැගෙනඑමින් තිබූ කොකේන් කිලෝ 800 කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් 03 දෙනෙකු ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

එය සැළකෙන්නේ දශක කිහිපයකට පසු සිදුකල විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමක් ලෙසයි.

මෙම කොකේන් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 320 කට අධික බවයි පැවසෙන්නේ.

අදාළ මත්ද්‍රව්‍ය පාර්සල් 29 ක් ලෙස අසුරා තිබී ඇති අතර බටහිර ඔස්ට්‍රේලියා මුහුදු තීරය ආසන්නයේදී මුහුදට පතිත කිරීම ජාවාරම්කරුවන්ගේ සැළසුම වී තිබුණා.

දකුණු අමෙරිකානු රටක සිටයි මෙම මත්ද්‍රව්‍ය තොගය එවා ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 – 25 සහ 29 යන වයස්වල පසුවනවා.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »