දුම්පානයට ඇබ්බැහි වූ ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රතිශතය වසර 20 කට පසු ඉහළම අගයට

දුම්පානයට ඇබ්බැහි වූ ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ප්‍රතිශතය වසර 20 කට පසු ඉහළම අගය සටහන් කර තිබෙනවා.

වයස අවුරුදු 14 ත් 17 ත් අතර තරුණ ප්‍රජාව සැළකීමේදී 2018 දී සියයට 2.1 ක් ලෙස පැවති එම ප්‍රතිශතය 2022 දී සියයට 6.7 ත් දක්වා වැඩිවී ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම වසරේ මුල් කාර්තුව තුළදී පමණක් එම ප්‍රතිශතය සියයට 12.8 දක්වා ඉහළගොස් තිබෙනවා.

එනම් අවුරුදු 14 ට වැඩි ජනගහණයෙන් දැනට සක්‍රීය මට්ටමේ සිටින දුම්පානය කරන්නන් සංඛ්‍යාව ලක්ෂ 35 අභිබවා ගොස් තිබෙනවා.

මෙය ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය දෛනික දුම්පානය කරන්නන්ගේ ප්‍රතිශතය වන සියයට 12 ද අභිබවා යාමක් බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »